ඇමරිකාවේ බලපෑම මත ඊශ්‍රායලය ගත් තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන බව ඊශ්‍රායලය පවසයි. ඒ අමෙරිකාව විසින් සිදු කරන ලද බලපෑම් මත බවයි ඊශ්‍රායලය වැඩිදුරටත් පවසන්නේ.

සෑම දින දෙකකට වරක් ඉන්ධන ලීටර් 140,000 කට පමණ අවසර දෙන බවත්, ඒවායින් බොහොමයක් ආධාර බෙදා හරින ට්‍රක් රථ සඳහා මෙන්ම ජලය සහ සනීපාරක්ෂාව සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහාය වීම සඳහා අදහස් කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉතිරිය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඇනහිට තිබූ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා සඳහා බව වාර්තා වේ.

සිකුරාදා, ගාසාහි සන්නිවේදන සමාගම පැවසුවේ පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන Unrwa හරහා ඉන්ධන ලැබීමෙන් පසු එහි සේවාවන් නැවත ක්‍රියාත්මක කරන බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, මෙම ඉන්ධන ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකාව ඊශ්‍රායලයට සැළකිය යුතු බලපෑමක් එල්ල කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...