මිනිස්සු අපට ඡන්දය දුන්නේ බැඳුම්කර හොරු කනෙන් අල්ලලා ගෙනල්ලා දාන්න නෙවෙයි – ප්‍රසන්න (VIDEO)

Date:

රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා බැඳුම්කර හොරු ඇල්ලුවේ නැහැ නේ ?

“ඉතින් ඔබතුමන්ලා කියන්නෙ හොරු කනෙන් අල්ලලා ගෙනල්ලා යහපාලන ආණ්ඩුව කළා වගේ කරන්න කියලාද ? ඒකට නෙවෙයි මිනිස්සු රටේ ඡන්දෙ දුන්නෙ. මිනිස්සු රටේ ඡන්දෙ දුන්නෙ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඒ නීතිය තමයි හරියට ක්‍රියාත්මක කරන්නෙ. අපට බැහැ ගිහිල්ලා මූ මහ බැංකු හොරා කියලා ගෙනල්ලා දාන්න. ඒකට තමයි නීතිපති දෙපාර්තමේන්තුවට ඇරලා, උසාවියක් තියෙනවා, ඒ අනුව කටයුතු කරන්න ඕනෙ”

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...