රියදුරු බලපත්‍ර ගැන සුබ පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම මගින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

අමාත්‍යවරයා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ, මෙම වර්ෂයේ දී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව e-Motoring ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව කටයුතු කිරීමට මේ වන විට අවශ්‍ය සියලු කටයුතු කර තිබෙන බවයි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත්ව ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය උගත් විනිසුරුවරුන් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවයි.

රියදුරු බලපත්‍ර 10,000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තිබෙන බවත්, මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම මඟින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර තිබෙන බවද ඔහු මෙහි දී වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...