පාර්ලිමේන්තුවේ කටයුතු වලට අතදාන්න විධායකයට බෑ. මොනවද මේ විහිළු කතා ? – සජිත්ගෙන් ජනපතිට සැරටම පිළිතුරු !

Date:

225 දෙනකුගේ ඡන්දයට වඩා ලක්ෂ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය වටිනා බවත් ජනාධිපතිවරයාගේ බලපෑම උපයෝගී කර ගෙන එම ඡන්ද කල්දැමුවත් ලක්ෂ 220 වරම ලබා ගැනීමේ කැමැත්තක් ජනාධිපතිවරයාට ඇත්නම් පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම මේ වන විට වැදගත් වන්නේ 2019 ජනාධිපතිවරණයේ සහ 2020 මහමැතිවරණයේ වරම නොව මහ පාරේ ප්‍රජාතන්ත්‍රවාදය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් නඩු අංකය අත්වැරදීමකින් තමා විසින් කියැවූ අවස්ථාවේ එහි අන්තර්ගතය ගැන නොසිතා අංකයක් අල්ලාගෙන පාර්ලිමේන්තුවේ කියැවීම ලැජ්ජා සහගත බවත් නඩු අංකය මාරු වූවාට අන්තර්ගතයේ රට බංකොලොත් කළ පුද්ගලයන්ගේ නම් හරියට පවතින බවත් ජනාධිපතිවරයා පත් කළ 134 දෙනාට හරියට දෙයක් කියවා තේරුම් ගන්න බැරි වූවාට ජනාධිපතිවරයාට එම කරුනු තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණත් තමා පත් කළ 134 දෙනාට මෝඩ චූන් එකක් ලබා දීමට එම කරුණම අල්ලන් කෑ ගැසීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටියදී ‘මහින්ද හොරා අපට එපා’ යනුවෙන් කෑ ගසා පැවසුවත් මේ වන විට එම හොරා යැයි හැඳින්වූ පුද්ගලයා සමඟ උපන් දින කේක් කැපීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා මේ වන විට ජනමතයට ජනවරමට පයින් ගසා පුද්ගලික ඕනෑ එපා කම් මත තීන්දු තීරණ අරන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වගකීම් සම්බන්ධයෙන් කතා කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඔහුගේ වගකීම බවත් එසේ ජනවරම උරගා බැලීමට අවස්ථාව ලබා දෙන්නේ නම් ඒ වරමින් වගකීම් බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පළමුවෙනි පැය මේ ආකාරයෙන් කටයුතු කළ යුතුය, ඉන් ඉදිරියට මේ ආකාරයෙන් කටයුතු කළ යුතුය යනාදී වශයෙන් උපදෙස් දීමට විධායකයට බලයක් නොමැති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට අත පෙවීමට මොනම විධායකයකුටවත් ඉඩ නොතබන බවත් තරයේ අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...