දැවැන්ත පිපිරීමක් සමග ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර දේශ සීමා වැසේ !

Date:

ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යා කෙරෙන නයගරා රේන්බෝ පාලම මතදී ඊයේ (22) දහවල් 11.30 ට පමණ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති අතර ඒ සමග නැවත දැනුම්දෙනතුරු ඇමරිකානු – කැනඩා දේශසීමා වසා දමා තිබේ.

කැනඩාවේ සිට ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය වෙත ඇතුළුවීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රැගත් වාහනයක් පරීක්ෂා කල ඇමරිකානු බලධාරීන් එම වාහනය තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස දැන්වූ අවස්ථාවේ අධික වේගයෙන් ගමන් කල එම වාහනය එය පුපුරා ගොස් තිබේ.

පිපිරීමෙන් එම වාහනය එහි ගමන් ගත දෙදෙනා සමග ගිනි බෝලයක් බවට පත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

වාහනයේ ගමන් ගත් දෙදෙනා මියගිය බව ආරක්ෂක බලධාරීන් සනාථ කර තිබේ.

දෙරටේම ආරක්ෂක අංශ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ වන විට දෙරට ය කෙරෙන පාලම් සියල්ල වසා දමා තිබේ.

~ Channel News Lanka

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...