අද (23) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.
බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
RN