බේස්බෝල් CEO තනතුර තීක්ෂණ ගම්මන්පිලට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය විසින් එහි විධායක නිලධාරී ධුරයට තික්ෂණ ගම්මන්පිල නම් කිරීමට තීරණය කර ඇත.සම්ප්‍රදායික බේස්බෝල් සංවිධානයේ ගැටළු හමුවේ නිර්භීතව පෙනී සිටි තීක්ෂණ ගම්මන්පිල පසු කලෙක එහි තේරීම් කමිටු සාමාජිතයෙක් ලෙස ද ක්‍රියා කළේය.


බේස්බෝල් ක්‍රීඩාවේ ව්‍යාප්තිය වෙනුවෙන් රට පුරා මාධ්‍ය සමඟ සම්බන්ධ වෙමින් වැඩ සටහන් රැසක් සිඳු කළ තීක්ෂණ ඉන් නොනැවතී විදේස් රටවලද බේස්බෝල් ක1ීඩාව ප්‍රවර්ධනය කිරීමේ වැජ සටහන්වලට සම්බන්ධවෙමින් අත්දැකීම් උපයා ගත් අයෙක්ය.
බේස්බෝල් ක්‍රිඩාව සම්බන්ධයෙන් ග්‍රන්ථ රචනයේදී ද දායක වෙමින් ක්‍රිඩාව සම්බන්ධයෙන් අවබෝධයක් සමාජය තුළ ස්ථාපිත කිරීමට කැප වුණු තීක්ෂණ එවැනි වැඩ සටහන් සඳහා සජීවි ජනකාව සමඟත්,ඊට අමතරව විද්‍යුත් සහ ලිඛිත මාධ්‍ය හරහාත් දායක වූ අයෙක්ය.දේශපාලන පිටියේද කැපී පෙණෙන දායකත්වයක් ඇති තරුණයෙක් වෙන තීක්ෂණ,බේස්බෝල් ක්‍රිඩාවේ දී එය තමන්ගේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව තබා ගනමින් ස්වාධීනව වැඩ කිරීම සඳහා පෙන්වන සංයමය සහ ශීක්ෂණය විශේෂ කොට සැළකිය හැකිය.


එසේම විවිධ කේෂ්ත්‍ර තුළ තමන්ගේ අනන්‍යතාවය තබා ඇති තීක්ෂණ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කර උපයාගත් අත්දකීම් ද ඉදිරියේ දී ඔහුගේ වැඩ කටයුතුවටද පහසුවක් වෙනු ඇතැයි සිතිය හැකිය.බේස්බෝල් ක්‍රීඩකයෙක් මෙන් ඔහුට ඇති ඉතිහාසයද වැදගත් එකක් වන අතර ඔහු ජාතික කණ්ඩායමේ උප නායකයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමේ උප නායකයා ලෙස ද ක්‍රීඩාව පිළිබදවද ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩකයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...