කොළඹ LNW:අපේක්ෂකයන් සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනුවට සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන, අනුපාත ඡන්ද ක්රමයද අන්තර්ගත වන, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වා දීමට සියලු දෙනා එක්වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියි.
අවුරුද්දට තුන් වරක් ඡන්ද හිමි නාම ලේඛනය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව සම්මත කරදුන් අතර ඒ අනුව කුමන ඡන්දයක් ගැන කතා කළද වලංගු වන්නේ එම නවතම ඡන්ද ලේඛන බවත් එය ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
”ඉතාම වැදගත්ම වැය ශීර්ෂ 33ක් අද සාකච්ඡා වෙන අවස්ථාව. විශේෂයෙන් ගරු කථානායකතුමාට පළමුවෙන්ම මම අග්‍රාමාත්‍යතුමා හැටියට ස්තුතිවන්ත වෙනවා. මේ කාලසීමාව තුළ පාර්ලිමේන්තු කටයුතුවලට නායකත්වය දෙමින් ලබාදුන් සහයෝගය. ඒ වගේම පාර්ලිමේන්තුවේ සියලු ප්‍රධාන නිලධාරීන්ට, වැඩබලන නිලධාරීන්, ඒ වාගේම අපේ මහ ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාටත්, අදාළ කාරක සභාවල් සියල්ලට ස්තූතිවන්ත වෙන්න ඕනේ.
ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අග්‍රාමාත්‍ය හා උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිසන් සභා සියල්ලත් අද දින අපි වැය ශීර්ෂ අනුමත කරන අවස්ථාව තමයි මේ අපි විවාදයට ලක් වෙලා තිබෙන්නේ. නමුත් අපේ කාලේ සම්පූර්ණයෙන් ම ඒ විවාද විෂයන්ගෙන් බාහිරව වෙනත් විෂයයන්ට යොමු කරනවා.මේ පාර්ලිමේන්තුව ඉදිරියට ගමන් කිරීම සඳහා යෝජනාවක් හැටියට රජය, ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩල එකතු වෙලා තමයි, දැනුත් විපක්ෂයේ සඳහන් කරපු, පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කරලා, විශේෂ සාකච්ඡාවකට සියලු පක්ෂ පාර්ලිමේන්තු නායකයන්ව කැඳවනු ලැබුවේ. මැතිවරණ කොමිසම මෙතන සිටිනවා. සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ඉන්නවා. ඒ අය දන්නවා, මේ මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්නට, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පවත්වාගෙන යන්න බැරි අවස්ථාවකට පරිවර්තනය වීම නිසා තමයි වියදම් සොයා බැලීමේ යළි පනතක් ගේන්න සිද්ධ වුණේ. මේ වගේ වියදම් කරන මැතිවරණ ක්‍රමයකට සාමාන්‍ය අපේක්ෂකයන් මුහුණදෙන්න බැරි බව අග්‍රාමාත්‍යතුමා හැටියට මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ඔක්කොමලා එකතුවෙලා. මේ කරන්න බැරි මැතිවරණ ක්‍රමයකට එන අය අනිවාර්යයෙන්ම වෙනත් සල්ලි කඳන්වල රූකඩ බවට පත්වෙනවා. ඒ තුළින් සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය විසඳාගැනීම වෙනුවට වෙනත් මාර්ගවලට බහිනවා. එය ඉතාම කෙටියෙන් මම සඳහන් කළේ. ඒ නිසා එයින් මිදෙන්න පුළුවන් අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකට ගමන් කිරීමේ අවස්ථාවට සෑම මන්ත්‍රීවරයෙක්ට මැතිවරණ ආසනයක්, ඒ වගේම අනුපාතක ඡන්ද ක්‍රමය ද අන්තර්ගත පාර්ලිමේන්තුවකට ඒ සෑම ජනතා කොට්ඨාසයකට ම සහභාගී වන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙයි. එය සාර්ථක කරගන්නට වැඩ කරමු’ යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පප්‍රකාශ කරයි.
ASK