ඉල් මස පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ ආගමික වැඩසටහන්!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW)
: ඉල් මස පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී අද දිනය පුරා විශේෂ ආගමික වැඩසටහන් පැවැත්විණි.

දළඳා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මහ මළුවේදී සීල ව්‍යාපාරයක් පැවැත්වුණු අතර දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා ද විශාල පිරිසක් සහභාගීව සිටියෝය.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, තුන් බෑ ජටිලයන් දමනය, අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ පිරිණිවන්පෑම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පෝය දින සිදුව ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන්.

සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් දියඩනව නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සම්පාදනය කොට ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද වැඩසටහන් එහිදී ක්‍රියාත්මක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...