හල්දුම්මුල්ලේ නාය යෑමේ අවදානමක්! නිවාස පේළියක පවුල් ඉවත් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සිදුවීමට ඉඩ ඇති බැවින්, එහි පදිංචි පවුල් 49ක පුද්ගලයින් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.

තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක මෙලෙස නායයාමේ අවදානමක් මතු වී ඇති බැවින් ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර ඇති අතර, එලෙස ඉවත් කළ පවුල් පුනාගල අංක 02 දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ද ලබාගැනීමට නියමිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...