භද්‍රානිට එරෙහිව මැතිවරණ කොමිසමෙන් විමර්ශනයක්

Date:

කොළඹ මහ නගරසභාවේ නාගරික කොමසාරිස් භදානි ජයවර්ධන මහත්මියට එරෙහිව මැතිවරණ කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ මහ නගරසභාව විසින් පැවැත්වූ උත්සවයකට මැතිවරණ කොමිසමේ නියෝග නොතකා දේශපාලනඥයින් කැඳවාගැනීම සම්බන්ධයෙනි.

මෙසේ දේශපාලනඥයින් කැඳවා ඇත්තේ කොළඹ මහනගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව විසින් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද ප්‍රජා ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පසුගිය 24 වනදා පැවති උත්සවයට ය.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා තවමත් අවලංගු කර නොමැති තත්වයක් තුළ එම මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් පිරිසක් කළ පැමිණිල්ලක් අනුව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන හා සැලසුම්) බී.පී.සී කුලරත්න මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට ලිඛිතව දැනුම්දී තිබී ඇත්තේ මෙම උත්සවයට අපේක්ෂකයන් ඇතුළු දේශපාලඥයන් සහභාගී කරවීමෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන පවත්වන ලෙසට ය.

එහෙත් නාගරික කොමසාරිස්වරිය විසින් මෙම උත්සවය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ සංවිධායක සාගල රත්නායක මහතා සහ කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එජාප පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් සම්බන්ධ කරගෙන තිබිණි.

ඒ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මීට විරෝධය පළකර තිබුණු නමුත් දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ උත්සවය පවත්වා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...