ක්‍රීඩා ඇමතිට පළමු ප්‍රසිද්ධ ඉල්ලීම බැඩ්මින්ටන් වෙතින්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අමාත්‍යවරුන් ගණනාවක් වෙත ඉල්ලීම් කර,පසුව ඉවත් කළ ක්‍රීඩා ඇමතිවරයා මාස කිහිපයකට කළින් දියගම ප්‍රදේශයෙන් බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයක් තැනීමට ඉඩක් ලබා දෙන්නට තීරණය කළ බවත්,රුපියල් මිලියන 200 ක් පමණ වැයවන එම ගෘහස්ථ ක්‍රීඩාංගණය 2024 දී නිම කරනු දැකීම තමන්ගේ අපේක්ෂාව බවත්,එම කටයුතු සඳහා නව ක්‍රීඩා අමාත්‍යවරයා පූර්ණ ආශිර්වාදය ලබා දෙනු ඇති බවත් ශ්‍රී ලංකා බැඩ්මිව්ටන් සභාපති රොහාන් ද සිල්වා පවසනවා.මෙවර ජාතික තරගාවලියත් බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ තුනක පැවත්වීමට සිඳු වී ඇත්තේ අඩුම ගණනේ ජාත්‍යන්තර තරගාවලි පවත්වන මට්ටමෙන් ක්‍රීඩා පිටි 20 ක් වත් තිබෙන ගෘහස්ථ ක්‍රීඩාංගනයක් නොමැතිකමෙන් බවද මෙහිදී රොහාන් ද සිල්වා පැවසුවා.සමහර අවස්ථාවල තට්ටු ගණන් ඉහළට එකම බිමක බැඩිමින්ටන් පිටි හැට හැත්තෑව සහිත ගෘහ්ස්ථ ක්‍රීඩාංගණ තිබෙන බව ද මෙහිදී රොහාන් ද සිල්වා පෙන්වා දුන්නා.

දෙසැම්බර් මස 4 – 10 දක්වා දින 7 ක් පුරා පැවත්වෙන ජාතික සූරතාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් 80 ක්ලබ් හී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් රොහාන්ද සිල්වා මේ අදහස ඉදිරිපත් කළා.කණීෂ්ඨ වයස් කාණ්ඩ තරග සිට ප්‍රවීන තරගද ඇතුළත්ව ජාතික මට්ටමේ සූර සූරියන් සියල්ල තරග කරන ආකාරයට සකස් කර තිබෙන මෙවර තරගාවලිය සඳහා 1139 දෙනෙකුගේ අයදුම් පත් ලැබී තිබෙන බවත්,ඉන් සියයට 70 ක් පමණ පිරිස ක්‍රීඩකයින් බවත් මෙහිදී දැන ගන්නට ලැබුණා.ජයග්‍රාහකයින් සඳහා රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදල් බෙදී යන මෙම තරගාවලියේදී නව ශ්‍රේණිගත කිරීම් සිඳු කර ඇත්තේ ජාත්‍යන්තර තරගාවලිවලදී දැක් වූ දස්කම් ද සළකා බලා බව මෙහිදී මාධ්‍යයට ප්‍රකාශ කළ බැඩිමින්ටන් පරිපාලනය ඒ අනුව ඉදිරියෙන්ම සිටින්නේ විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ බව ද පැවසුවා.

මෙහිදී මාධ්‍ය මෙවර ජාතික සූරතාවලිය ආසන්නයේම වැටී තිබෙන පාසල් මට්ටමේ තරග දෙකක් ගැන බැඩ්මින්ටන් පරිපාලකයන්ගේ අවධානය යොමු කළ අතර මේ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරිරික යෝග්‍යතාවයට හානි සිඳුවීමට ඇති ඉඩත්,ආබාධවලට ලක්වීමට ඇති ඉඩත් පෙන්වා දුන්නා.එහිදී ජාතික සංගමය පැවසුවේ ඔවුන් සිය තරග කාල සටහන වසර මුල දී ම ආසන්න මට්ටමේ දී හෝ දින සහිතව ප්‍රකාශ කරන බවය.නමුත් යම් ප්‍රමාදයක් සහිතව පාසල් සංගමය සිය තරග කාල සටහන සැකසීම නිසා මෙන්ම පාසල් පැවත්වීමේ කාල වකවානු ආදිය වෙනස්වීම නිසා ද මේ අන්දමින් කාල සටහන් වෙනස් වී ඇති බවය.

මෙහිදී අප වෙබ් අඩවිය පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යංශය අඩුම තරමේ ජාතික මට්ටමේ තරග විභාග පැවත්වීම සඳහාවත් නිශ්චිත දින සහිතව වැඩ කිරීමේ දුෂ්කරතාවය සහ නොහැකියාව පෙන්වා ඇති මොහොතක,ක්‍රීඩාවේදී ද ඒ තත්ත්වය අනාගත බැඩිමින්ටන් තරු වෙනුවෙන් අත් වෙන්නට නොදී ජාතික සංගමය හෝ මැදිහත් විය යුතු බවය.ඒ නිසා පාස්ල විභාග පැවත්වීම සහ නිවාඩු ලබාදීම වැනි කාරණාවලදී බැඩිමින්ටන් පාසල් තරග වෙනස් නොවන ලෙස ජාතික කැලැන්ඩරය හදන මොහොතට පාසල් සංගමයද කැඳවා ඔවුන්ට නොවෙනස් දින සහිත කාල සටහනක් සැකසීමට හවුල් විය යුතු බවය.ජාතික සංගමය එම කාරණය ඉහළින් පිළිගත් අතර 2024 වර්ෂයේ කාල සටහන සැකසීමේදී ම එම උත්සාහය වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණය,වෙළද සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ඩි.එස්.සේනානයක විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය යන ස්ථාන තුන කේන්ද්‍ර කර ගනිමින්,ජාතික ශ්‍රේණිගත කිරිම්වල ඉහළම අගය දරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන මෙවර තරගාවලියේ අවසාන දිනවන දෙසැම්බර් 10 වන දා, ජයග්‍රාහී සූර සූරියන් නිර්නය කරන තරග වෙළද සේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.මෙම තරගාවලියේ ජයග්‍රහණය මෙන්ම බැඩිමින්ටන් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බවට එළැඹෙන ඔලිමිපික් තරගාවලිය ඉලක්ක විය යුතු අතර දැනට බොහෝ සෙයින් ඔලිමිපික් නියෝජනයට ආසන්න වී සිටින විරෙන් නෙත්තසිංහ ඒවෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් පුහුණු කිරීමට යොමු කිරීමත්,ජාත්‍යන්තර තරග සඳහා විවර කර දි ඇති ප්‍රශස්ත ඉඩ පුළුල් කිරීමත්,ඔහු වැනි තරුණ ක්‍රීඩකයෙක්ට නිරන්තරයෙන් සිරුර සහ මනස නිරෝගීව ඒකාත්මිකව තබා ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමත් ඉදිරි වසරේදි ජාතික වගකීමක් කොට සිතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රියාවට නැංවිය යුතුයි.

මේ තරගාවලියේ සාර්ථකත්වය රදා පවතින මූල්‍යමය ශක්තිය සැපයීමේ අනුග්‍රාහකත්වය වෙනුවෙන් Mobil.McFoil,3M,Rovin Ads Creative Services (pvt) Ltd, සහ Li Ning පෙනී සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙලේ සුදාගේ නඩුවක් කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

කෙහෙළියගේ නරක දසාව – පවුලටම අධි චෝදනා!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය...

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය! Milkrice වෙනුවට “Kiribath”!

2025 ජුනි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) නිල වශයෙන්...

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා...