පාස්ටර් ජෙරොම් අද දෙවන දිනටත් CIDයට!

Date:

කොළඹ LNW:ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද (01) දිනයේදීත් සිය නීතිඥවරු සමඟ දෙවන දිනයටත් උදෑසන 09.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙතයි ඔහු එලෙස අද දිනයේදීත් පැමිණියේ.

ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (30) දිනයේදීත් පෙනී සිටියේය.

පසුගිය (29) දින ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි.

ඔහු මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි VIP පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වූ අතර අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබුණි.

ඒ අනුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ,

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් අනුව මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් වූ අතර එම විමර්ශනය අතරතුර ඔහු දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...