පාතාලය හා කුඩු මැඬලීම ජනප්‍රිය කතාවක් විතරක් වෙන්නේ ඇයි ?

Date:

පාදඩ දේශපාලනයෙන් තොරව පාතාලයටවත් පාතාලයෙන් තොරව පාදඩ දේශපාලනයටවත් පැවතිය නොහැකිය …..

පාතාලය හා කුඩු මැඩලීම යන්න ජනප්‍රිය කතිකාවකට පමණක් සීමාවූ එහෙත් කිසිදා යථාර්ථයක් කලනොහැකි දෙයක් වීමේ හේතුව කුමක්ද ? ඇත්තෙන්ම එහි ඇත්ත හේතුව නම් දේශපාලකයින් පොලීසියේ තනතුරු නිලවශයෙන් ප්‍රසිද්දියේ පත්කරන අතර යටින් පාතාල නායකයින් ‍රහසේ නිර්මාණය කිරීමත් සහ ඔවුන්ව පෝෂණය කරමින් ආරක්ෂා කිරීමත් යන කාරනා නිසාය… ඒ ඔවුන්ගේ මල්වට්ටි දේශපාලනය යට සැඟවී ඇති ගෝඩ් ෆාදර් දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් ය..

එය එසේ නොවේ නම් රතුකුරුස ක්‍රියාකාරිකයෙක් වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශේක් ඝාතනය කල (ලංකාවට ලෝක අපකීර්තියක් ගෙනා) සම්පත් පුෂ්පකුමාර වැනි ත්‍රාඩ මැරයන් තංගල්ල ප්‍රාදේශීය සබාවේ සභාපති ධුරය දක්වා රැගෙන ආවේ කවුද?

චන්ඩි මල්ලි යනුවෙන් හැඳින්වූ එම්.කේ. රංජිත් වැනි නමගිය මැරයන් දකුණේ පාලත් සභා ඇමති ධුර දක්වා රැගෙන ආවේ කවුද ?

හික්කඩුවේ මනෝජ් මෙන්ඩිස් නැමති නමගිය මිනීමරු පාතාල නායකයාට රැකවරනය දෙමින් ඔහුව රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දක්වා රැගෙන ආවේ කවුද ?

ඇත්තෙන්ම මේ ලයිස්තුව දිවි ඇති තුරු හිරදඬුවමකට නියමවී සිටි ජනාදිපති සමාවකින් එළියට අරන් මුළු දිවයිනටම බලපැවැත්වෙන සාමදාන විනිසුරු පට්ටමකින් පිදුම් ලැබූ ගෝනවල සුනිල් දක්වාම ඈතට දිවයයි…

ප්‍රබල දේශපාලන හස්තයක රැකවරණයක් නොලබා කුඩු ව්‍යාපාරයට මෙන්ම පාතාලයටද පැවැත්මක් නොමැත… හමුදාවට පිටින් තහනම් අවි දැරීය හැක්කේ දේශපාලකයින්ගේ මැර සුරතලුන්ට පමනි.. එය එසේ නොවේ නම් දකුණේ ගල්කටස් දැරූ තරුණයන් හැටදහසක් 88 – 89 දී වසර එකහාමාරක් ඇතුලත පණ පිටින් පිළිස්සෙමින් වැලිගම්පිටි ගියේ කොහොමද ?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...