ඩෙංගු රෝගයේ සීඝ්‍ර වැඩිවීමක්.දින 4ට 1000 සීමාවට රෝගීන් වාර්තා වෙලා!

Date:

කොළඹ LNW: අධික වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් සිදුව ඇති බැවින් තම තමන්ගේ පරිශ්‍ර පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඒවා පිරිසිදු කරගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා අවධාරණය කරයි.

වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 77000සීමාව ඉක්මවා වාර්තා වී තිබෙන අතර මෙම මස ගෙවුණු දින 4ක කාලය තුළ ඩෙංගු රෝගීන් 1000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවයි ආරියරත්න මහතා සඳහන් කරන්නේ.

කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්ක වල බහුලව මම රෝගය ව්‍යාප්ත වී තිබෙන අතර පසුගිය කාලය තුළ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී තිබෙන බව ඔහු කියාසිටියි.

ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...