හංසනීට නව වාර්තා දෙකක් සමඟ පළමු තැන.ඩිලංකට තෙවන තැන.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): කටාර් හී පැවත්වෙන 2024 සදහා ඔලිමිපික් නියෝජනයට සුදුස්සන් තේරමේ බර ඉසිලීමේ තරගාවලියක් වන කටාර් කුසලාන බර ඉසිලීමේ ග්‍රෝන්ෆ්‍රී තරගාවලියේ කාන්තා කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ සී කාණ්ඩයෙන් තරග වැදුණු හංසනී ගෝමස් එහි පළමු තැනත්,කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ පිරිමි ඒ කොටසෙන් තරග වැදුණු ඩිලංක ඉසුරු කුමාර තෙවන තැනත් දිනා ගන්නට සමත් වුණා.
හංසනී සිය තරග ඉසව්වේදී ජය්‍රහණය ලබා ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් සමඟයි.ඇය ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 75 ක් ද සමස්ත බර කිලෝ ග්‍රෑම් 164 ක් ද ඔසවා නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන්නට ද සමත් වුණා.


හංසනී සමඟ ස්නැච් ක්‍රමයේදී සම බරක් ඉසිලු ඉන්දුනීසියාවේ සිටි නෆීසාතුල් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේදි උත්සාහ ගත්තේ හංසනී තෙවන වරට එැසවූ කිලෝ ග්‍රෑම් 89 බර සීමාවට ඉහළ බරක් පළමු උත්සාහයේ සිටම එසැවීමටයි.කිලෝ ග්‍රෑම් 92 ක් වූ ඇයගේ පළමු උත්සාහය ව්‍යර්ථ වූ පසු දෙවන සහ තෙවන උත්සාහයන්වලදී නසීතෙුල් උත්සාහ ගත්තේ කිලෝ ග්‍රෑම් 95 ක් වූ බරක් ඔසවන්නටයි.ඇය පළමු බර එසැවීමේ උත්සාහයේ සිටම කිලෝ ග්‍රෑම් 92 ට පිවිසෙන්නට ඇත්තේ ඇය සතු හැකියාවන් අනුව වුවත්,ස්නැච් ක්‍රමයේදී හංසනී ඇය හා සම වීමෙන් ඇති කළ පීඩනය ඉන්දුනීසියානු ක්‍රීඩිකාවගේ මානසික ඒකාග්‍රතාවයට තදින් බලපෑවා.
නමුත් ඉන්දුනීසියානු ත්‍රීඩිකාව වටා පුහුණු කණ්ඩායමක්ම රැදෙමින් ඇයව ජයග්‍රහණය කරා රැඟෙන යන්නට ගත් උත්සාහයේදී සිය පුහුණුකරු සමඟ පමණක් හුදෙකලාව ඒ කිසිවක් මායිමකට නොගෙන තරග වැදී ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා තිරීමේ දැඩි මානසික ශක්තියක් සහිතව තරග වැදුණු හංසනී ඉසව්වේ ජයග්‍රහණය ලබා ගත්තා.


ඩිලංක ඉසුරු කුමාර ස්නැච් ක්‍රමයේදී සිව්වන තැනට පත්ව සිටියත් ස්නැච් ක්‍රමය හරහා නැවත තරගයට අවතීරණ වෙමින් එහිදී තෙවැන්නා වෙමින් බර කිලෝ ග්‍රෑම් 133 ක් ඔසවනු ලැබුවා.ඉන්දුනීසියාවේ මොහොමඩ් ඉබ්නුල් ස්නාච් ක්‍රමයේදී ඩිංලකට වඩා කිලෝ ග්‍රෑම් 1 ක් ඉදිරියෙන් සිට කිලෝ ග්‍රෑම් 113 ක බරක් ඔසවනු ලැබුවා.නමුත් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේදි ඩිලංක ඉසුුරු කුමාර සිය පළමු උත්සාහයෙන් එසැ වූ බර කිලෝ ග්‍රෑම් 133 නිසා ඔහු යම් පීඩනයකට පත් වුණ අතර ඔහු පළමු උත්සාහයේදී ඔසවනු ලැබුවේ කිලෝ ග්‍රෑම් 130 ක් පමණයි.එම පීඩනය නිසාම ඔහු ගත් ඉදිරි උත්සාහයන් ද ව්‍යර්ත වෙමින් ඩිලංකට තෙවන ස්ථානය ලබන්නට පරිසරය සැකසුණා.
පහතින් ඔවුන් දෙදෙනාගේ තරගය පැවති ආකාරය දැක්වෙන නිල යුටියුබ් විකාශනයන්හි දර්ශන නැරඹිය හැකියි.


හංසනීගේ තරගය
https://www.youtube.com/watch?v=ufkMBdSLPKw
ඩිලංකගේ තරගය
https://www.youtube.com/watch?v=yK0SMKPUNGc

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...