ඊශ්‍රායල හමුදාව ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි; දකුණේ ප්‍රදේශ වලින් ඉවත්ව යන ලෙස සිවිල් වැසියන්ට අණ

Date:

ඊශ්‍රායල හමුදාව විසින් ගසාවේ දකුණේ හමාස් ඉලක්ක වෙත සිය ගොඩබිම් ප්‍රහාරය පුළුල් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ(04) දිනයේ පමණක් එක රැයක් තුළ ගුවන් ප්‍රහාර 200ක් පමන වාර්තා වූ බවයි. ගාසවේ ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, ප්‍රාදේශීය ජනගහනය මිලියන 1.2 දක්වා වැඩි වී ඇති අතර ඛාන් යුනිස් සහ ඒ අවට ස්ථාන 15-20 ක් පමන මේ වන විට ඊශ්‍රායලයේ ඉලක්ක බවට පත්ව තිබේ.

පසුගිය සතියේ දින හතක් පුරා පැවති තාවකාලික සටන් විරාමය තුළ ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් 105ක් සහ පලස්තීනුවන් 240ක් නිදහස් කිරීමට හේතු වූ අතර එම සටන් විරාමය පසුගිය සිකුරාදා(01) බිඳ වැමත් සමඟ ඊශ්‍රායල් ප්‍රහාර නැවත ආරම්භ වූ අතර ඊශ්‍රායල් හමුදාව විසින් දකුණේ ප්‍රදේශ වලින් ඉවත්ව යන ලෙස සිවිල් වැසියන්ට අණ ලබා දී ඇති අතර ප්‍රහාර හේතුවෙන් සරණාගත කඳවුරුවල නවාතැන්ගෙන සිටි කාන්තාවන් හා ළමුන් ඇතුළුව විශාල ප්‍රමාණයක් මියගොස් මෙන්ම තුවාල ලබා තිබේ.

ඊශ්‍රායල් හමුදාව විසින් උතුරේ ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් උතුරෙන් පිටව යන ලෙස කලින් නියෝග කිරීමෙන් පසු දකුණේ නවාතැන් ගනිමින් සිටිති. ඊශ්‍රායල් හමුදාව නිවේදනය කර තිබුණේ උතුරේ ක්‍රියාකලා මෙන් දකුණේද සිය මෙහෙයුම් පුළුල්ව සිදු කරන බවයි.

ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රදේශයේ පුද්ගලයන් 15,900 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මානුෂීය ව්‍යසනයක් දිග හැරෙමින් පවතින බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...