කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසල්වලට RDA යළි හරස් වෙයි!

Date:

කොළඹ LNW: කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසල් එළඹෙන (08) එනම් හෙට දිනය වන විට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනය කර තිබේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙම අලෙවි සල් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය උත්සහ කළද අලෙවිසල් හිමියන් සහ රජයේ පාර්ශවය ඇතිකරගත් එකඟතා මත එම තීරණය වෙනස් වී තිබුණි.

කෙසේවෙතත් නැවත එම කතාව යළි මතුව තිබේ.

ඒ අනුව එම අලෙවිසල් හිමියන් විසින් ඊයේ (06) රාත්‍රියේ එම පරිශ්‍රයේ සිට මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ එම අලෙවිසල් ඉවත්කරන ලෙස දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියකින් බවයි.

ඉවත්කිරීමට හේතුවක් නොදැන්වූ බව කඩ හිමියන් පවසන අතර එලෙස සිය අලෙවිසල් ඉවත්කර ගැනීමට සූදානම් නැති බවත් එලෙස ඉවත්කළහොත් තම ජීවනෝපාය ද නැතිවන බවයි ඔවුන් පැවසුවේ.

කිඹුලාවල එම වීදි අලෙවිසල් හිමියන්ගේ සංගමයේ සභාපති සිසිර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ මුදල් අයකර හෝ මෙය පවත්වාගෙන යාමට රජයෙන් අවසර ඉල්ලා සිටින බවයි.

”නාමල් රාජපක්ෂ ,මධුර විතානගේ මන්ත්‍රීවරුන් අපට මේක පිළිවෙලකට කරගෙන යන්න කිව්වා. අපි මෙච්චර පිරිසිදුව කලත් අපිව මේ අයින් කරන්න හදන්නේ. RDA එක තමයි අපිව අයින් කරන්න උත්සහ කරන්නේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මුදලක් අයකරලා අපට මේක ලස්සනට කරගෙන යන්න දෙන්න කියල. විදේශිකයින් පවා මෙතනට එනවා. මෙහෙම හිතුමතේ අපිව අයින් කරන්න එපා. විධිමත්ව කරගෙන යන්න දෙන්න.කොහොමත් අපි 08 වැනිදා අයින් වෙන්නේ නැහැ. මරාගෙන මැරෙන්න හරි අපි මෙතන ඉන්නවා. ජනාධිපතිතුමා හැමතිස්සෙම කියනවා නයිට් ලයිෆ් එකක් ඇතිකරන්න කියල. ජනාධිපතිතුමාට අපි කියනවා ඇස් ඇරලා මේ ගැන බලන්න කියල. අලෙවිසල් 27 පමණ මෙතන තියෙනවා. කාගේ හරි බලපෑමකට තමයි මේක කරන්නේ. මහජන පරීක්ෂකවරුත් ස්ට්‍රීට් ෆුඩ් ගැන දන්නේ නැහැ. දැන් අවුරුදු හතරක් විතර කිසිම පැමිණිල්ලක් නැහැ. මේ කඩ නැතිවුණොත් අපි ජීවත්වෙන්නේ කොහොමද? අපේ දරු පවුල් මොනවද කරන්නේ. ඒ නිසා මේ ගැන හිරැ විදිහට හිතන්න කියල ඉල්ලනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...