දයාසිරි වරද්ද ගත්තේ කට නිසා.එයත් අන්තිමට නවතින්නේ සජිත් ළඟ තමයි – අමරවීර

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරද්ද ගත්තේ කට නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

මේ වන විට දයාසිරි ජයසේකර අවලංගු කාසියක් බවට පත්ව තිබෙන අතර ඔහු ගැන කතාකර පලක් නැති බවයි අමරවීර මහතා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) කොළඹ පැවති උත්සවයකින් අනතුරව මාධ්‍යවේදියෙක් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඊයේ දිනයේදී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැයට විරුද්ධ වෙන විට ඔහු දෙපස සිටින මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරු අයවැයට පක්ෂව ජන්දය දෙමින් නිදහස් පක්ෂයේ දෙබිඩි පිළිවෙත අනාවරණය කර තිබෙන බවයි.

ඒ අනුව එම කාරණයට පිළිතුරක් ලෙසයි අද අමරවීර අමාත්‍යවරයා උක්ත ප්‍රකාශය සිදුකළේ.

තවදුරටත් අදහස් දක්වමින් අමරවීර මහතා පැවසුවේ දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහා ලේකම්ව සිටියදී ඔහුගේ කට නිසාම විශාල මන්ත්‍රීවරු පිරිසක් පක්ෂයට අහිමි වූ බවයි.

කෙසේවෙතත් ඔහුද අවසානයේ නතර වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ළඟ බවද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...