රුසියානු ප්‍රහාරයෙන් ලොව විශාලතම ගුවන්යානය AN-225 විනාශ වෙයි!

AN-225 මාදිලියේ ලොව විශාලතම ක්‍රියාකාරී ගුවන්යානය රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බව වාර්තා වෙයි.

භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රධානියා ලෙස හැඳින්වෙන ලොව විශාලතම ගුවන්යානය වන Antonov AN-225 හි තිබෙන්නේ එක් නිශ්පාදනයක් පමණක් වන අතර, එය යුක්රේනය වෙත එල්ල කළ රුසියානු ප්‍රහාරයකින් විනාශ වී තිබේ.

මෙම ගුවන් යානය සාමාන්‍යයෙන් නවතා තිබෙන්නේ යුක්රේනයේ කියෙව් නගරයේ වයඹ දෙසින් පිහිටා ඇති ඇන්ටනොව් ගුවන්තොටුපොළේ ය.

රුසියාව ඇන්ටනොව් ගුවන්තොටුපොළ සිය ප්‍රහාර දියත් කිරීමේදී ඉලක්ක කළ අතර, රුසියානු සන්නද්ධ හමුදා විසින් අදාළ කලාපයේ පාලන බලය අල්ලා ගත් බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාර දියත් කිරීමේදීයි මෙම ගුවන්යානය විනාශ වී තිබෙන්නේ.

කෙසේවෙතත්, ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම කලාපය යළි අත්පත් කර ගැනීමට යුක්රේන හමුදා සමත් වූ බවයි.

යුක්රේන විදේශ අමාත්‍ය ද්මයිත්‍රෝ කුලේබෝ මහතා සඳහන් කළේ යුක්රේනයේ සිහිනය (‘Mriya’ – ‘Dream’ in Ukrainian) නමින් හැඳින්වෙන් ලොව එකම නිශ්පාදනය වී පැවති මෙම AN-225 ගුවන් යානය රුසියානු ප්‍රහාරයෙන් විනාශ වූ මුත්, තම රාජ්‍යයේ සිහින බිඳ දැමීමට රුසියාවට කිසිසේත්ම නොහැකි බව ය.

යුරෝපා කලාපයේ ශක්තිමත්, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස යළි නැඟී සිටීමේ බලාපොරොත්තුව යුක්රේනයෙන් ගිලිහී නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...