2024 දී රාජ්‍ය ආයතන ගෙවීම් ඩිජිටල් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2024 මාර්තු මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඊයේ  (12) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

රාජ්‍ය ආයතන 14ක ඩිජිටල් මූල්‍ය ක්‍රමය මේ වන විට ආරම්භ කර ඇති බවද ඔහු පෙන්වා දෙන ලදී.

Cyber Security පනත ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ(SL CERT) හදිසි දුරකථන අංකය – 101 ඔස්සේ අසාධාරණයට ලක් වන ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...