අපි බංකොලොත් නෑ කියලා කියන්න දවසක් ළඟදීම එනවා – මනූෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව අයෝජනයන් මෙරටට පැමිණිමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසගේ ආදායම් මට්ටමද ඉහළ යනු ඇති බවත්, එමගින් සමස්ථ ආර්ථිකයේම පිබිදීමක් සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියයි.

අවුරුදු එකහාමාරකට විතර ඉස්සෙල්ලා අපිට මොන වැඩක්වත් තිබුනේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්න අමාරු තැනකට වැටුණා. මොන කාර්මාන්තයක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ.

අදටත් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිසි ආරම්භයක් සිදුවෙලා නැහැ. තාමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සිදුවෙන්නේ ඉතාමත්ම සෙමින්. දැන් තමයි ටික ටික පටන් ගන්න හදන්නේ. ජනවාරි, පෙරබාරි, මාර්තු වෙනකොට තමයි රටේ ආර්ථිකයේ වෙනස ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.
අපිට වැට් බදු ගහනවා, විදුලි බිල, ජල බිල, ජීවන වියදම වැඩී කියලා චෝදනා එල්ල වෙනවා. ඒත් මුකුත් නැතිව මේ රටේ මිනිස්සු මැරිල යන එක වලක්වා ගන්න අපිට පුළුවන් වුනා. ඒ වගේම අපි ටිකක් අමාරුවෙන් කාලය ගත කළා. ඒත් දැන් ඇවිත් තියෙන්නේ මේ තත්ත්වයෙන් මිදෙන අවස්ථාවයි.
අපි ණය ගෙවනන් බැරිව බංකොලෙත් රාජ්‍ය විදිහට නම් කරපු රටක්. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුනා. තව ටික දවසකින් අපිට අපි බංකොලොත් නෑ කියලා කියන්න හැකියා ලැබෙනවා”

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...