IMF ඇත්තටම කියපු ආණ්ඩුව හංගපු කතාව මෙන්න!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ දෙවන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබුණද ඔවුන් පවසන කාරණයක් ජනාධිපතිවරයා විසින් නොකියන බව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ වැට් බදු වැඩිකිරීම මඟින් බලාපොරොත්තු ආදායම් එකතු කරගැනීමේ වැඩපිළිවෙල අසාර්ථක වීමේ අවධානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කර තිබෙන නමුත් එම වාර්තාවේ මෙම අතිශය වැදගත් කොටස ජනතාවගෙන් සඟවා ඇති බවයි නිශ්ශංක මහතා පෙන්වාදුන්නේ.

වැට් බදු වැඩිකිරීම නිසා සිදුවන සමාජීය බලපෑම වැඩි අතර අලුතින්ම වැට් බද්ද එකතු වූ භාණ්ඩ තිබීම තවත් බරපතල කාරණයක් බවයි ඔහු පවසන්නේ.

”පෙට්‍රල් එහෙම බිංදුවේ ඉදන් 18% දක්වා වැඩිවෙනවා. බලශක්තිය බොහෝ අවස්ථාවල භාවිතාකරනවා. ඒකෙන් අපි ගන්න හාල් ටිකට පාන් ගෙඩියට පවා වැඩිවෙනවා. දැනටත් මිනිස්සු තුන්වේල කන්නේ නෑ. එහෙම හිටපු මිනිසුන්ට මේ වැට් එක බලපානවා. මිනිස්සු බඩු ටික ගන්න එක අඩු උනාම රජය බලාපොරොත්තු වෙන ආදායම ගන්න බෑ. 18%න් වැට් එක ගහන එකෙන් වුණේ අපේ ආර්ථිකයට හතරවටින් නැගිටින්න බැරිවෙන්න ගහන එක. වැට් එක වැඩිකිරීම තුළින් නියමිත ආදායම ගන්න බෑ කියලා ආණ්ඩුව දන්නවා. අපිට සැකයක් තියෙනවා එක්කෝ ඔවුන්ට ආර්ථිකය පිළිබද අවබෝධයක් නෑ. නැත්නම් මිනිස්සු එක්ක තියෙන තරහට ආර්ථිකය බිම වට්ටලා දාන එක තමයි අරමුණ. මේකේ බලපෑම සම්පුර්ණයෙන් එන්නේ අඩු අදායම් ලබන අයට හා මධ්‍යම පාන්තිකයින්ට. ඊළග වාරිකය ලබාගැනීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයින් කප්පාදුවක් කරන්න වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මංජු නිශ්ශංක මහතා මෙම අදහස් පළකළේ අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...