කොළඹ LNW:දේශිය ආදායම් කොමසාරිස් ධූරයේ පුරප්පාඩුව සඳහා සුදුසු පුද්ගලයකු වහාම පත්කරන ලෙසත්, කඩිනමින් අයකර ගතහැකි රුපියල් බිලියන 195ක පමණ ආදායම් බදු මුදල ඉතා ඉක්මණින් අයකර ගැනිමටත්,මහා පරිමාණ බදු පැහැර හරින්නන්ගෙන් අයවිය යුතු අනෙකුත් බදු මුදල් අයකරගැනිමටත්, ජනතාවට ආර්ථික යුක්තිය ඉටු කිරීමටත්,බදු බර නිසා ජනතාව විදින පීඩාවන්ගෙන් මුදා ගැනීමට පියවර ගන්නා ලෙසත් බල කරන එක් දින සංකේත සත්යග්රහය සහ අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ‘ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය’ විසින් අද (14) දින සංවිධානය කර තිබුණි.
එහිදී මහජන පෙත්සම සඳහා අත්සන් ගැනීම අද දිනයේ සිට දින 30 ක කාලසීමාවක් ලබාදෙන අතර එම දින 30 තුළ ආර්ථික යුක්තිය ඉටුකිරීමට රජය අපොහොසත් වුවහොත් මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් අඛණ්ඩ වු ක්රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ‘ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය’ අවධාරණය කර සිටියේ.
ASK