රාජ සභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපති බරපතල වැඩත් එක්ක මහ උළුගෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද(14) දින කුරුණෑගල ‘බුවනෙකබා රාජසභා මණ්ඩපය’ කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම් නියම කරණු ලැබීය. ඒ ඊට අදාළව කුරුණෑගල පළාත්බද මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාට සිර දඬුවම් නියම කෙරිණ.

පෞරාණික වටිනාකමක් සහිත කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කළ බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර කඩා බිද දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල කරමින් නඩුව ගොනු කර තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...