සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දකුණු ආසියානු කලාපයේ විගමනික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම් පිළිබඳ සකස් වූ පළමු “කලාපීය අත්පොත” ඊයේ (14) දින එළිදක්වනු ලැබීය. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසිනි.
මෙම අත්පොත රටවල් 11ක නියෝජිතයින් එක්වූ කොළඹ ක්‍රියාවලියේ ක්‍රියාකාරී රැස්වීම අතරතුරදී එළිදැක්වීම සිදු කෙරිණි.
නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීම සඳහා භාවිතා කළ හැකි තිරසාර විසඳුම් පිළිබඳ සහ ක්‍රමවේද පිළිබඳවද මාර්ගෝපදේශ මෙම අත්පොතට ඇතුලත්වේ. එය සම්පාදනයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයද (IOM) සම්බන්ධ විය.
මෙම අවස්ථාවේදී විගමනික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමටත් එහිදී ඇතිවෙන අභියෝග සහ නව අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැනුම් සංසදයක් පිහිටුවීමටද පියරගනු ලැබිණි.
විගමනික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද කොළඹ ක්‍රියාවලියට එක්වූ ජාත්‍යන්තර නියෝජිතයින්ව දැණුවත් කිරීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.
එහිදී ශ්‍රී ලංකාව විගමනික ශ්‍රමිකයින් යලි සමාජ ගත කිරීමට සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති අත්දැකීම් බෙදා ගැනීමටද සූදානම් බවද අමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තර නියෝජිතයින් වෙත පවසා සිටියේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇