ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා පත්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කර ඇත.

දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ් මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි. මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි හොබවා ඇත්

වර්ෂ 1969 ජුනි මස 06 දින උපත ලබා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විවිද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා අධ්‍යාපනයට හා මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් සිය පාසල් මෑණියන් වෙත ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකු විය.

වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදාවට බැඳුණු ඔහු දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජුනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් ඒ මහතා 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

තවද මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා සිය හමුදා දිවිය තුළදී අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇත. වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී ඔහු වෙත පැවරූ සංග්‍රාමික රාජකාරින්හිදී සුවිශේෂී කැපවීමක් දක්වමින් එම රාජකාරින් ඉටුකරනු ලැබීය.

ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා යුද්ධ හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, අණදෙන නිලධාරී, මේජර් ජෙනරල් එස්.ටී.ටී ජයසුන්දර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අධි සහායක, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, මෙහෙයුම් සහ පුහුණු ආඥාපති, මරදාන යුධෝපකරණ ගබඩා කඳවුරෙහි ආරක්‍ෂක නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, 3 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, පිරිස් පරිපාලන අධ්‍යක්ෂක, මාණ්ඩලික නිලධාරි II – අතරමැදි කඳවුර අනුරාධපුරය, ආරක්‍ෂක සම්බන්ධීකාරක – ආරක්‍ෂක අමාත්‍යාංශය, 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති , ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, එක්සත් ජාතීන්ගේ නිව් යෝර්ක් මූලස්ථානයේ හමුදා උපදේශක, ආරක්ෂක සේනා ආඥාපති – බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...