වැරදුනු ඊශ්‍රායල් ඉලක්කය හමුවේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය හමුදා පවසයි.

හමුදාව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු අත් වැරදීමකින් මෙලෙස ඝාතනය වූ බවයි.

28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් මෙලෙස ඝාතනය වී ඇත.

ගාසා හි උතුරේ ෂෙජායියා හි ක්‍රියාත්මක වූ හමුදා විසින් මෙම තිදෙනාට වෙඩි තැබූ බව සඳහන්ය.

මෙලෙස ඝාතනය වූ පුද්ගලයන් තිදෙනාගේ සිරුරු ඊශ්‍රායල භූමියට යවා ඇති අතර එහිදී ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ඇත.

ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් තවදුරටත් සිරගතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...