වැරදුනු ඊශ්‍රායල් ඉලක්කය හමුවේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්‍රායලය හමුදා පවසයි.

හමුදාව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු අත් වැරදීමකින් මෙලෙස ඝාතනය වූ බවයි.

28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්‍රිස් මෙලෙස ඝාතනය වී ඇත.

ගාසා හි උතුරේ ෂෙජායියා හි ක්‍රියාත්මක වූ හමුදා විසින් මෙම තිදෙනාට වෙඩි තැබූ බව සඳහන්ය.

මෙලෙස ඝාතනය වූ පුද්ගලයන් තිදෙනාගේ සිරුරු ඊශ්‍රායල භූමියට යවා ඇති අතර එහිදී ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ඇත.

ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් තවදුරටත් සිරගතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...