2023 /2024 උසස් පෙළ 2024 ජනවාරි 04 – 31 දක්වා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී ඇත.

ඒ අනුව 2023 /2024 අධ්‍යයන උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වන දින සිට ජනවාරි 31 දක්වා පැවැත්වීමට නියමිත බව දැනුම් දෙයි.

විභාග මධ්‍යස්ථාන 2298 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයටද මේවන විට තැපැල් මගින් යොමු කර ඇත.

විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද, පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙත ද බාගත කිරීමේ අවස්ථාව මේවන විට ලබා දී ඇති අතර, මේ සඳහා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිත කළ යුතුය.

ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂයයන්හි, මාධ්‍යයෙහි,උපන්දිනය සහ නමෙහි යම් වෙනසක් ඇත්නම් හෝ අලුතින් විෂයයක් ඇතුළත් කළ යුතු නම් එම සංශෝධන https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදුකර ගැනීම සඳහා ලබා දුන් කාලය 2023.12.22 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර ඇත. පාසල් අයදුම්කරුවන් තම විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්මද අදාළ සංශෝධන සිදුකළ යුතුය.

සංශෝධන සිදු කල හැකි වන්නේ එක්වරක් පමණක් වන අතර, මෙම විභාගයට අදාළ කාල සටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ (www.doenets.lk) පළ කර ඇත.

වැඩිදුර විස්තර 1911 ඇමතීමෙන් හෝ පහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව දැනුම් දේ.

0112784208/ 0112784537

0112785922/ 0112786616

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...