ජනවාරියේ වැට් බද්දට අහු නොවන්නේ මොනවාද ? මෙන්න ලැයිස්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය දෙපාර්තමේන්තුව විසින් ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඉන්ධන, ළදරු කිරිපිටි, තිරිඟු පිටි, සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන් එම භාණ්ඩ අතරට අයත්වේ.

එමෙන්ම දේශීය ඇඟලුම් නිෂ්පාදන, අධ්‍යාපනික සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, විදුලිය බෙදාහැරීම, භූමදාන හා ආදාහන සේවා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා, විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා ද එම භාණ්ඩ ගණයට අයත් වේ.

ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා, විවිධ කාණ්ඩ යටතේ වූ මුල්‍ය සේවා, රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා, සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාදන මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුවට ඇතුලත් වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...