ජනවාරියේ වැට් බද්දට අහු නොවන්නේ මොනවාද ? මෙන්න ලැයිස්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය දෙපාර්තමේන්තුව විසින් ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඉන්ධන, ළදරු කිරිපිටි, තිරිඟු පිටි, සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන් එම භාණ්ඩ අතරට අයත්වේ.

එමෙන්ම දේශීය ඇඟලුම් නිෂ්පාදන, අධ්‍යාපනික සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, විදුලිය බෙදාහැරීම, භූමදාන හා ආදාහන සේවා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා, විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා ද එම භාණ්ඩ ගණයට අයත් වේ.

ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා, විවිධ කාණ්ඩ යටතේ වූ මුල්‍ය සේවා, රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා, සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාදන මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුවට ඇතුලත් වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...