නව ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා සිය අක්ත පත්‍ර භාරදෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා අද (22) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නේය.

ඒ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කළ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ යුරෝපා සංගමය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනිම පිළිබඳ සාකච්ඡා කණ්ඩාම්වල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර තිබූ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සන්තොෂ් ජා මහතා පවසා ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම වෙළෙඳ, ආයෝජන, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සමීප සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට කැපවන බව ඉන්දීය නව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළ අතර, දෙරටේ නායකයන් එකඟ වූ “දැක්ම” අනුව කටයුතු කිරීම තම අපේක්ෂාව බව සඳහන් කළ ඉන්දීය නව මහකොමසාරිස්වරයා, මෙම සහයෝගීතාවය රටවල් දෙකෙහි අන්‍යෝන්‍ය සමෘද්ධිය, ප්‍රගතිය සහ කලාපීය ස්ථාවරත්වයට හේතු වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද සහභාගී විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...