ඩීසල් රැගත් නෞකා 2ක් අද සහ හෙට ලංකාවට

Date:

ඩීසල් රැගත් තවත් නෞකා 2 ක් අද සහ හෙට මෙරටට පැමිණිමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, ඒ අතරින් එක් නෞකාවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,000ක් ඇති බවයි.

අනෙක් නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන ඒමට නියමිත බව ‍‍ලේකම්වරිය සඳහන් කළා ය.අදාළ නෞකා සඳහා ණයවර ලිපි විවෘත කිරිමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසී ය.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මෙරට සතුව මේ වන විට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිතයක් පවතින බවයි. තවත් දැවි තෙල් තොග රැගත් නැව් දෙකක් ලබන 6 සහ 7 යන දිනයන්හි පැමිණිමට නියමිතව ඇතැයි, බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...