සලු සලු මතක අවදි කළ මොහොතක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලාංකේය රග්බි ඉතිහාසයේ දැවන්ත නමක් බවට පත්ව තිබූ,ෆීජී ක්‍රීඩක සලු සලු සිය ලාංකේය බිරිඳ ඇන්ඩ්‍රියා සමඟ ශ්‍රී ලංකාවට පැමිණ සිය දිගුකාලීන ලාංකේය මිත්‍රත්වයන්ගේ අතිත සුවඳ විඳ ගැනීමේ මොහොතක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී උදා කරගෙන තිබිණ.

ඉතිහාසයේ දිනයක සලු සලු ගේ දැවන්ත සිරුර සහ ක්‍රීඩා විලාසය සමඟ බැදුණු මනස්කාන්ත මතක ආවර්ජනය නවසීලන්තයේ ජෝනා ලෝමුට සමීප වන්නට පෙර ශ්‍රී ලංකා රගර් ලෝලීන් ඉතා ඉහළින් දුටු සවිමත්ම සළකුණය.ඇතැම් විට ප්‍රාතිහාර්යයක් බඳුය.

“විශාල කාලයකට පසු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාමයක් බවට පත් වූ සලු සලු වැනි කීර්තිමත් පුද්ගලයකු සමඟ නැවත සම්බන්ධ වීමට ලැබීම සතුටට කරුණක්” යැයි ශ්‍රී ලංකා රග්බි හිටපු සභාපති සහ පිටර්ස්න් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයෙක් වූ රිස්ලි ඉලිල්යාස් පවසන්නේ සලු සලු ගේ ලාංකේය රගර් පිටියේ වීරත්වය පිළිබඳ මතක චාරිකාවන් හී යෙදෙන අතරේය.

ඉල්ලියාස් පමණක් නොව මේ සුහද මතකාවර්ජන සාමිචියට රසය එකතු කරන්නට සලු සලු සමඟ හැව්ලොක්ස් පිලේ හිටපු රග්බි ක්‍රීඩකයන් වන රොෂාන් ඩීන්, ෆසාල් මොහොමඩ්, තුවාන් අහමඩ්, ඉන්තිකාබ් තමාම්, ෂම්රත් ප්‍රනාන්දු, තුෂාර පාරිස් සහ වජිර ගමගේ වැන්නන් ද එක්ව සිටියහ.එසේම සලු සලු දෙසැම්බර් 29 වන දා නත්තල් විවේකයෙන් පසුව ඇරඹෙන නිපොන් පේන්ට් අන්තර් සමාජ රගර් ලීග් තරගාවලියේ දී පොලිසිය සහ හැව්ලොක්ස් අතර තරගයට විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට ද නියමිතව ඇත.

තවමත් ශක්තිමත්භාවය සහතික කළ හැකි පෙණුමකින්ම කවදත් මනසින් ශක්තිමත් විශ්වාසයක් සහිතව සිටියා වූ ද සලු සලු ශ්‍රී ලංකා රගර් පිටියට මේ මොහොතේත් එක්විය හැකි පෙණුමකින් සහ දායක කර ගත හැකි දැණුමකින් යුක්ත අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...

දියුණුව කියන්නේ බැසීමට නොව නැඟීමටය. අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍යංශ එකතුවිය යුතු ආකාරය ගැන අපේ අදහස

නිශ්මං රණසිංහ අගෝස්තු 22, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය...