අධිකරණ අමාත්‍යාංශය කලා කරුවන් වෙනුවෙන් ගත් තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම දීර්ඝ කර ඇති බව තොරතු වාර්තා වේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ගෙන එනු ලබන අදාළ නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම සිදු කෙරෙන අතර 2024 ජනවාරි මස 20 දින දක්වා එය දීර්ඝ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.

දිවයිනේ කලා ක්ෂේත්‍රයන්හි වෘත්තීය හිමිකම්, නිර්මාණ අයිතීන් සහ නිර්මාණ සුරක්ෂිතතාවයත් පිළීබඳව ඇතිවී තිබෙන ප්‍රායෝගික ගැටළු හදුනාගෙන කලාකරුවන් සහ කලා නිර්මාණ වල අයිතීන් සුරක්ෂීත කිරීම සඳහා බලපවත්වනු ලබන ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් සම්මුතීවල උපමානයන් ඇසුරු කරගන දේශීය කලාකරුවන්ගේ නිර්මාණ සහ වෘත්තීමය අයිතීන් සුරක්ෂිත කිරීම සහ ජාත්‍යන්තර හා දේශිය වශයෙන් පිළිගත් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබදව විවිධ කලා සංවිධානවලින් අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සහ අදහස් සැලකිල්ලට ගෙන පොදුවේ කලාකරුවන්ගේ වෘත්තීය අයිතීන් සුරක්ෂීත වන පරිදි පාර්ලිමේන්තු නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇත.

ඒ පිළිබදව කලා සංවිධාන වල ප්‍රධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය 2023.12.07 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණු අතර, අදාල සාකච්ඡාවේදී කලාකරුවන් සහ කලා සංවිධාන වල නියෝජිතයින් ඉදිරිපත් කල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන දිවයිනේ ප්‍රධාන කලා සංවිධාන නියෝජනය කරන නියෝජිතයින් විසිදෙනෙකු ඇතුළත්වන පරිදි ප්‍රවීණ සංගීතඥ, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, අදාල කමිටුව සියලු කලාකරුවන්ගේ යෝජනා, අදහස් සැලකිල්ලට ගෙන මූලික වාර්තාවක් 2024 ජනවාරි මස 20 දිනට පෙර අධීකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධීකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය සියලුම කලා සංවිධානවලින් ඉල්ලන්නේ, මෙම පාර්ලිමේන්තු නව පනත් කෙටුම්පත සඳහා දීප ව්‍යාප්ත කලා කේන්ද්‍ර නියෝජනය කරන සංවිධාන වල අදහස් හා යෝජනා ඇත්නම් 2024 ජනවාරි මස 20 දිනට ප්‍රථම මාධ්‍ය උපදේශක (කමිටු ලේකම් – ) අධිකරණ අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...