වසර 90ක් පමණ පැරණි අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවෙයි!

කොළඹ LNW:1933 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන් නැවත හමු වී තිබේ.

සිරි දේවමිත ධම්මපාල හිමියන්ගේ ප්‍රථම පිළිරුව ස්ථාපනය කිරීම සඳහා නව ඉදිකිරීම් කටයුතු කරමින් පැවතිය දී පසුගිය පළමුවැනිදා මෙම භෂ්මාවශේෂ මංජුසාව හමු වූ බව අග්‍රශ්‍රාවක ධාතු තේවා වන්දනාව භාර අම්බුලගල සුමංගල හිමියෝ පවසති.

මෙම භෂ්මාවශේෂ මංජුසාවට මේ වනවිට වසර අනුවක් පමණ පැරණි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මංජුසාව තැන්පත් කර අභිනවයෙන් ඉදිකරනු ලබන සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව ස්ථානගත කරන බව සුමංගල හිමියෝ වැඩිදුරටත් පවසති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...