රජය බීඩි කර්මාන්තය දෙසට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් , බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූයේ, බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුව ඇති ගැටළු සහ අක්‍රමිකතා පිළිබඳවයි.

මෙහිදී , බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත එය සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම අමුද්‍රව්‍ය නීති විරෝධී අයුරින් ආනයනය වැළැක්වීම සඳහා පියවර ගැනීම පිළිබඳ අවධානය ‍යොමු වී ඇත.

තවද ආනයනකරුවන් සහ බීඩි නිෂ්පාදන ආයතන වාර්ෂිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවයකට පැමිණීම මෙහිදී සිදු වූ අතර ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී ඇත.

සාගල රත්නායක මහතා, මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, කපා සකසන ලද තෙන්දුකොල ආනයනය කිරීම වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...