අධිවේගයේදී මව සහ දියණිය එකටම අවසන් ගමනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): ඊයේ (03) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ප්‍රදේශයේදී මවක සහ දියණියක මියගොස් ඇත.

අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (32) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනා මෙලෙස මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ, මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරින් බවයි.

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා වෑන් රථයකින් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි.

වෑන් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියක හැපී අනතුර සිදුව ඇති බවත් , මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 06දෙනෙකු තුවාල ලබා තිබුණු බවත්පොලිසිය පවසයි.

මව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් රෝහල්ගත කරන විට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දියණිය අද(04) උදෑසන මියගිය බවත් වෛද්‍යවරු කියයි.

අද (04) දහවල් කරාපිටිය රෝහලේ දී එම මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිඹුනු බව වැඩිදුරටත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...