ජපානයේ දුම්රියක් තුළ පිහි ඇනුමක්! සිව්දෙනෙකුට තුවාල

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 20 හැවිරිදි තරුණියක් විසින් ජපානයේ දුම්රියක් තුළදී සිදුකළ පිහි ඇනුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

JR Okachimachi සහ Akihabara දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී පිහි අනුම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට 20 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව එම වාර්තාවේ දැක්වෙයි.

ටෝකියෝ පොලීසිය පවසන්නේ, එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11ට පමණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වාර්තා වූ බවයි.

මෙම කාන්තාව මගීන්ට පහර දී ඇති අතර, පහර දුන් අය ඇය නොදන්නා බව පොලිසිය පවසයි.

ඇයට “මිනිසුන් මරා දැමීමට” අවශ්‍ය වූ බව විමර්ශනවල දී සැකකාරිය පොලිසියට පවසා ඇත .

ජපන් ටයිම්ස් වාර්තා කරන්නේ, ඇයගේ බෑගයේ තිබී තවත් පිහියක් හමුවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...