විස්සට තිබුණ ගෝව කිලෝව දැන් 800යි.පස් දෙනෙක්ට සුප් එකක් බොන්නත් දැන් 3000ක් ඕනේ!

Date:

කොළඹ LNW:පාලකයින් ආර්ථිකය ඉතා නරක තැනකට ගෙන යමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

රුපියල් විස්සට තිබුණ ගෝව කිලෝව මේ වන විට රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පස්දෙනෙකුට සුප් එකක් බොන්නත් රු.3000ක් වැය වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වැට් බද්ද නිසා දැන් ජනතාවගේ නින්දත් අහිමි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ හැකි නම් එම මැතිවරණය පවත්වන අතර එහි අවදානමක් ඇත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇති බවද වලේබොඩ මහතා ප්‍රකාශ කළේය.

මේවන විට පාර්ලිමේන්තුවේ ඉන්න සුපිරිසිදු මන්ත්‍රීවරුන් ඉවත්වීමේ ප්‍රවණතාවක් ඇති බවද ඔහු පැවසුවේය.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් මතුව තිබෙන උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියේය.

ඔහු පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු වන නමුත් ඒ සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබෙන පනත අපබ්‍රංශයක් බවයි.

ඒ අනුව එම පනතට එකඟතාව පළකළ නොහැකි අතර පනත වෙනස් කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...