*
Friday, October 25, 2024
spot_img

Latest Posts

පාසල් හොකී සංගමයේ වාර්තාගත වසරක අවසානයේ 18 න් පහළ සූරතාවයේ වැඩි දස්කම් වෙන්නප්පුවෙන් සහ මාතලෙන්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 06 කොළඹ (LNW): ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය ඉකුත් වසර අවසන් කළේ හොඳ අඩව්වක් අල්ලමින්ය.එය පාසල් සංගමයක් ඉතිහාසයේ විශාලතම කණ්ඩායම් සහභාගීත්වය ඇතිව නිමා කළ තරගාවලි තුනකින් යුක්ත වසර විය.එහිදී අවුරුදු 14 න් පහළ නුවරදී පැවති තරගාවලියට කණ්ඩායම් 93 ක් සහභාගි වීම පාසල් රගර් ඉතිහාසයේ වැඩිම සහභාගීත්වය ගැන වාර්තාවය.එම කණ්ඩායම් 93 දිස්ත්‍රික්ක 19 ක් හරහා තරගාවලියට පැමිණ තිබිණි.තරගාවලිය පැවත්වුණේ මහනුවරදී ය.16 න් පහළ තරගාවලිය පළමු වරට ජාතික මට්ටමේ පාසල් හොකි තරගාවලියක ස්පර්ශය පොළොන්නරුවට ගෙන දුන්නේය.එහිදී සහභාගි වූ කණ්ඩායම් ප්‍රමාණය 83 ක් විය.

වසර අවසානයේ 18 න් පහළ තරගවලට යනවිට දකින්නට ලැබුණ හොඳම දේ විශාල බාධක මැද හොකී ප්‍රේමීන් රට වටෙන් බිහිවෙමින් හොකී ක්‍රීඩාව යම් මට්ටමකින් ආරම්භ කර ඇති බවය.කොළඹටත් වඩා විසුරුණු පාසල් පුහුණුකරුවන්,ගුරුවරුන් සමහර විට වෙනත් ආකාරයකින් හොකී හා සබැඳීයාවන් සහ ලැබැඳියාවන් ඇති පිරිස් මේ ආකාරයට රට වට හොකී පතුරවමින් සිටින මොහොතක,තව දුරටත් ක්‍රිඩා අමාත්‍යංශයෝ හොකී වගකීම්වලට අලසව,නිදි කිරා වැටෙන්නට ඉඩ නැත.යැඩ ඇල්ලිය යුතුය.පාසල් සංගමය නැටූ අඩව්වේ හැඩ රටටම පෙනෙන්නට ලෝකයට ගෙන යා හැකි මං ගැන සැළසුම් සකස් කරන්නට අමාත්‍යංශය පමණක් නොව ජාතික හොකී පරිපාලනයට සිහි එළවා ගත යුතුය.ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රිඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ දත්ත දන්නේද,නැතිනම් මේ දත්ත මත පදනම්ව ඉදිරි හොකී වෙනස් වෙන්නේ කෙළෙසදැයි හොකී සම්බන්ධ ජාතික වගකීම පැවරුණු අමාත්‍යංශ සහ සම්මේලන නිලධාරීන්ගෙන් ඇසුවහොත් ඔවුන්ට දෙන්නට ඇති සමහර පිළිතුරු පැටලෙනු ඇත්තේ ඇතැම් විට මේ තරම් පිරිසක් මේ වන විට හොකි අරඹා ඇත්දැයි ඔවුන් නොඳැන සිටීමෙන් ද විය හැකිය.

ගෙවුණු 2023 වසරට සමුදෙමින් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේදී සමස්ත ලංකා පාසල් අවුරුදු 18 න් පහළ හොකී තරගාවලිය පැවත්වීම පාසල් සංගමයේ අවසාන රාජකාරිය විය.එයට කණ්ඩායම් 56 ක් පැමිණ තිබිණි.එහිදී බාලක සූරතාවය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර සමසේ බෙදිණි. බාලිකා ශූරතාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකාවන් දිනා ගත්තේ, මාතලේ සංඝමිත්තා බාලිකා විදුහලට අනු සූරියන් කරමින්ය.බාලකයෝ ලකුණු නොලබාම සම සූරයෝ වූහ.බාලිකා සූරතාවය වෙනුවෙන් ශුද්ධ පවුලේ බාලිකාවෝ එක ලකුණක් ලබා ගත්හ.මාතලේ ක්‍රීඩිකාවන්ට ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

මෙහිදී බාලක “පළඟ” ශූරතාව සමව හිමි කර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මාතලේ සහිරා විදුහල සමත් වූහ. බාලිකා “පළඟ” සම ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර සිතා දේවී බාලිකා විදුහලට සහ නාවල ජනාධිපති බාලිකා විදුහලට හැකි විය.

“බඳුණ” අංශයේ බාලක සම ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව සහ මහනුවර විද්‍යාර්ථ විදුහල් දිනා ගත්තේය. එකී බාලිකා ශූරතාව කොළඹ මියුසියස් විදුහලට ද අනු ශූරතාව කොළඹ විශාකා විදුහලට ද හිමි විය.

කොළඹ ශාන්ත බෙන්ඩික්ට් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල “පළිහ” සම ශූරතාව දිනා ගන්න අතර වාරයේදී බාලිකා “පළිහ” ශූරතාව මාතලේ ඕවිලකන්ද මහා විදුහලට හිමි විය. එකී අනු ශූරතාව ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහල සතු විය.

පාසල් 10 ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු දෙවන පෙළ බාලක තරග මාලාවේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී.එස්.සේනානායක විදුහලට හැකි විය. එකී අනු ශූරතාව මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල හිමි කර ගන්නා අතර වාරයේදී සම තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට මාතලේ තැන්න මහා විදුහලට සහ කොළඹ සහිරා විදුහලට සිදු විය.

ඡායාරූපවලින් දැක්වෙන්නේ අවුරුදු 18 න් පහළ සූරයන්ට සහ සූරියන්ට ජය සංඛෙිත ප්‍රදානය සිඳු කළ අවස්ථාවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan