අටවන නීතිඥ ලෝක කුසලානය පකිස්තානයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 06 කොළඹ (LNW): ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවති අටවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්තානයට සූරතාවය හිමිවෙමින් නිමාවට පත් වුණා.අවසාන තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස පැමිණි ඉන්දියාවට පකිස්තානයට එරෙහිව තරගයක් දීමට හැකියාවක් ලැබුණේ නැහැ.කාසියේ වාසිය දිනූ පකිස්තානය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ඇරයුම් කළ අතර එස්එස්සී තණතිල්ල හොඳින් කියවා ගෙන එම තීරණය ගත් බව පසක් කරමින් පකිස්තානය තරගයේ ආරම්භයේ සිටස පන්දු යැවීමෙන් ඉන්දියාවට පීඩනයක් ඇති කරනු ලැබුවා.

අංක 5 පිතිකරු ලෙස පැමිණි ආදිත්‍ය කුමාර් ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 36 ක් ලබා ගත්.අවසාන පූර්ව තරගයේදී කැපී පෙණෙන ක්‍රීඩා රටාවක් විදහා පෙන් වූ රෝහිත් රාජ් පාල් අවසාන තරගයේ දී පිටියේ ස්ථාවර වෙමින් සිටිය මොහොතේදී දුවද්දි දැවී යාමෙන් අනතුරුව ඉන්දියාවට දැඩි පමුබෑමකට වැටුණු අතර පන්දු ඕවර් 29.2 ක් තුළ සියල්ල දැවී ලකුණු 110 ක් රැස් කරන්නට සමත් වුණා.
පකිස්තානය කඩුුලු දවා ගැනීමට සමත් වුව ද,එල්ලයට පන්දුව යැවීමේ දුර්වලතා මෙහිදී ද ප්‍රදර්ශණය කළ අතර ඔවුන් පන්දු ඕවර් 29.2 තුළ වයිඩ් පන්දු හරහා ලබා දුන් ලකුණු ප්‍රමාණය 21 ක් වුණා.එයට පන්දු 21 ක් ද ඇතුළක් වීමෙන් ඉන්දියාව පන්දු ඕවර් 29.2 ඉක්මවා ගොස් තවත් පන්දු ඕවර් 3.3 ට පහර දීමට අවස්ථාව ලබා ගත්තද පකිස්තානු පන්දු යවන්නන් අභිබවා සිය පිත්තෙන් දස්කම් දැක්වීමට ඉන්දියානු පිතිකරුවන් අසමත් වුණා.


පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තාන කණ්ඩායමටත් ලකුණු 25 ට කඩුලු 3 ක් අහිමි වූව ද,මුසාෆර් හුසේන් (නොදැවී 50) සහ මොහොමඩ් ෆසීල් (නොදැවී 51) එක්ව සිව්වන කඩුල්ලට ගොඩ නැඟුව ලකුණු 112 ක නොබිඳි සබඳතාවය නිසා පකිස්තානයට විනාඩි 97 දී,පන්දු ඕවර් 21.4 දී ලකුණු 117 ක් දක්වා සිය ලකුණු පූවරුව එහළට ගෙන එමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යන්නට හැකි වුණා.
අටවන ලෝක කුසලානයේ කුසලානයේ හිමිකාරීත්වය පකිස්තානයට හිමි වෙද්දී එහි පළඟ සූරතාවය සඳහා පැවති අවසාන තරගයෙන් ජය ගෙන තිබුණේ ඉන්දීය බී කණ්ඩායමයි.ඔවුන්ට පරාජය වූ බංගලාදේශ කණ්ඩායම එම කාණ්ඩයේ අනු සූරයින් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...