AI Key හඳුන්වාදෙමින් මයික්‍රොසොෆ්ට් ආන්දෝලනාත්මක වෙනසකට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය සිය යතුරු පුවරුව වෙනස් කිරීම ඔවුන් කළ පෙරළිකාර වෙනසයි.

කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමග, මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙන බව වර්තා වේ.

මෙම නව AI Key එක භාවිතා කරමින් Windows 11 පරිගණකවල කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය මෙවලම වන Copilot වෙත පිවිසීමට පරිශීලකයින්ට අවකාශය හිමි වේ.

මෙහිදී මයික්‍රෝසොෆ්ට් ආයතනය පවසන්නේ, තොරතුරු සෙවීම, ඊමේල් ලිවීම සහ රූප නිර්මාණය කිරීම වැනි කාර්යයන් සඳහා Copilot උපකාරී වන බවයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක උප සභාපති යුසුෆ් අවධාරණය කරන්නේ, මෙම නව key board එක පෙබරවාරි මාසයේ සිට වෙළඳපොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...