හෝමාගම කර්මාන්තපුරයේ වායු කාන්දුවක්, අවට ජනතාව ප්‍රවේශමෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී ඇති බව වාර්තාවේ.

පොලීසිය දැනුම් දී ඇත්තේ, කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසයි.

පවතින දුම සහිත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පළඳින ලෙස ජනතාවට ද දැනුවත් කර ඇති අතර, වැඩිදුරටත් වාර්තා වෙන්නේ, මීට මාස කිහිපයකට පෙර ගිනි ගැනීමකට ලක් වූ අදාළ කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී අද අලුයම දෙකට පමණ එකවර එම වායුව දුමාරයක් ලෙස වාතයට එක්ව ඇති බවයි.

පොලිසිය පවසන්නේ, එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්, හෝමාගම පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...