පක්ෂය ගොඩනැගීම වගේම රට රකින අභියෝගය භාරගන්න ඕනෑම අවස්ථාවක සූදානම්!

Date:

කොළඹ LNW:පක්ෂය ගොඩනැගීමේ අභියෝගය මෙන්ම රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒ, අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.

තරුණ දේශපාලන නායකයෙකුට පරිණත වීමට ඇති හොඳම අවස්ථාව මෙය බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

වර්තමානයේ පවතින ශක්තිමත්ව දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි යළිත් තහවුරු වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරන ලදී.

”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කිසිකෙනෙක් ගැලවිලා නැහැ. හැබැයි අපිත් එක්ක සන්ධානගත වෙලා හිටපු සමහර දේශපාලන පක්ෂ තමන්ගේ වාසිය වෙනුවෙන් සන්ධාන මාරු කරලා තියෙනවා. හැම කෙනෙක්ටම කරන්න බැරි පොරොන්දු දෙන්න පුළුවන්. සුරංගනා කතා කියන්න පුළුවන්. යහපාලන ආණ්ඩුව රු.10,000කින් පඩි වැඩිකරනවා කියල බලයට ආව. ඇවිල්ලා වැඩි කරලා ටික දවසකට පස්සේ කිව්වා 10,000 වැඩිකරපු නිසා අමාරුවේ වැටුණා කියල. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා යහපාලන ආණ්ඩුව භාර ගනිද්දී කිව්වා 2020 මේ රට ණය බරින් අයින් කරනවා කියල.එතුමා අද තාමත් ණය ප්‍රතිව්‍යුහගත කරනවා. නැවත බලයට ඇවිල්ලා. යහපාලන ආණ්ඩුවෙන් ගත්ත ණය තමයි ප්‍රතිව්‍යුහගත කරගෙන යන්නේ. සුරංගනා කතා කියන්න, ලස්සන චිත්‍රයක් මවන්න හැම දේශපාලඥයෙක්ටම පුළුවන්. හැබැයි ප්‍රතිපත්ති ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු දේශපාලන බලවේගය කුමක්ද කියන එක තමයි මේ රටේ ජනතාව හොයල බලන්න ඕනේ. ඒ අතින් බැලුවහම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි කියපු දේවල් බිම් මට්ටමේ ද්ශපාලන යථාර්තයක් කරපු දේශපාලන බලවේගය විදිහට තියෙන්නේ.

මේ වෙලාව තමයි පක්ෂය ශක්තිමත් කරන්න සුදුම වෙලාව. අපි තරුණ නායකයෝ විදිහට වගකීම තමයි මේ වෙලාවේ එදා මහින්ද රාජපක්ෂ මතිතුමාලා පාද යාත්‍රා ගිහින් තමන් විශ්වස කරන කරන දේශපාලන කඳවුර ශක්තිමත් කළා වගේ අපි නියෝජනය කරන කදවුර ශක්තිමත් කරමින් අවංකව මේ රටට ආදරය කරන දේශීයත්වයට ගරු කරන සහ මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක දේශපාලන බලවේගයක් ගොඩනගන එක. එහෙම නැතුව මේ වෙලාවේ යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ අවස්ථාව තමයි තමන්ට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව කියල, නෑ. ඒක සාධාරණ නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...