ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වාහන සහ දේපල රැසක් දේපල තහනමට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): යුක්තිය මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත් වාහන සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය මගින් දේපල තහනමට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම මෙසේය.

TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය
රු.ලක්ෂ 330
TOYOTA KDH වර්ගයේ වෑන් රථය
රු.ලක්ෂ 130
TOYOTA CHR වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 76
TOYOTA AQUA වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 64
BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය
රු.ලක්ෂ 10

අත්අඩංගුවට ගන්නා ලද දේපළ වල වටිනාකම පහත සඳහන් පරිදි බව පොලිසිය දන්වා සිටී.

පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩමක් එඅන අතර වටිනාකම ලක්ෂ 15ක් වේ.

පර්චස් 05ක ඉඩම(මාලඹේ) වටිනාකම ලක්ෂ 45 ක් බව පැවසේ.

අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස ,මුළු වටිනාකම ලක්ෂ 240 ක් බව සඳහන් වේ.

නිවන්දන දකුණ, ජා ඇල ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය නොවන බවත් එහි වටිනාකම ලක්ෂ150යි.

මෙහිදී තහනමට ගත් මුළු වාහන වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 610 ක් සහ ඉඩම් හා නිවාස වල ලක්ෂ 450 ක වෙළෙඳපල වටිනාකමක් පවතින බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මුළු වාහන සහ දේපල වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1060 ක් බව පොලිසිය අණාවරණය කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...