වෙඩිල්ල 3 – කවි කෝලම: අයියෝ ආනන්ද අම්මෝ මහින්දා

Date:

හක හක ගගා හිනාහෙන අපෙ නිරින්දා 
වර වර කියාලා තුරුලටම කැන්දා 
රන් කෙත මැද්දෑවෙ හිටවාපු හින්දා 
අයියෝ ආනන්ද අම්මෝ මහින්දා 

ඔබ ගැන හෙළන හැම සුසුමම සැනසුම් ය
ගොවියොත් නැතුව අස්වැද්දෙන ගොවි බිම් ය
පෙරදිග ධාන්‍යාගාරය මනරම් ය
කුචි කරුමාන්තෙට කබිකුචි කබිගම් ය

අහසේ ඩ්‍රැගනාය ගිනි පිඹ පිඹ යාය
නැවේ චිහිනාය, බැණ බැණ කැරකේය 
තොලකට ලෙවකාය තකදොං තපුලාය
කක්කි නැවක් මැද හරකෙක් උම්බෑය


 
ඕන වෙසක් ගන්නට හැකි හිටිහැටියේ 
මාර මැජික්කරුව ද නාවලපිටියේ 
සාර සුබාවට රට වට දියකෙලියේ 
පෝර නැවක් මැද ගොම හළ හළ හිටියේ

කිරි නේරෙන්න හේතුව ගැන අහගන්න
ආ එළදෙන්නු කොහොමත් බෑ ගැන ගන්න
ඔය ගූ නැවෙන් බැස ඇවිදින් හදපන්න 
පට්ටි දමන ෂැඩියුල් එක ගැබ් ගන්න 
 
මගියත් රවට්ටා දුගියත් රවට්ටා
ගොවියත් රවට්ටා සබයත් රවට්ටා
කුලියත් රවට්ටා මලියත් රවට්ටා
කෝ මේ පවිට්ටා කෝ මේ පවිට්ටා  

බීමෙන් හොඳ බීම හත්මොළ කැඳ බීම 
නෑමෙන් හොඳ නෑම ඇදගෙන ගූ නෑම
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම
දීමෙන් හොඳ දීම වණවෙනතුරු දීම

විස්සයි විසිදෙකත් එනවා කණාසේ 
‘සංවර්ධනේ විප්ලවයට’ සිනාසේ
ගොයං පැහී එන හීනෙක මනාසේ 
පිදුරු බුදිනවද මැතිඳුනි ගොනාසේ 

දනා අතරමං කර ආහර යුද්දේ 
ගොමා ගඳ දැනේ කෝ අර පඩ සද්දේ 
පඹා පෙනෙනවා පඹගාලක් මැද්දේ 
අනේ අලුත්ගමගේ මොනවද රෙද්දේ ?

-කෞ ද බෝයි

පෙර කෝල​ම්

වෙඩිල්ල 2 – කවි කෝලම: පැලෝපීය නාල ම මිරිකන හැත්ත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...