වැට් බදු වැඩිකිරීමෙන් වෙළඳපොලට බලපෑමක් නෑ. බිත්තර, සැමන්, පොත් මිල අඩුත් වෙලා – සියඹලාපිටිය (VIDEO)

වැට් බදු වැඩිකිරීමෙන් වෙළඳපොලට බලපෑමක් සිදුව නොමැති බවත් ඇතැම් භාණ්ඩවල මිල තිබුණාටත් වඩා අඩුවී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“පාර්ලිමේන්තුව තරම් වෙළඳපොල කලබල වෙලා නෑ මේ වැට් ප්‍රශ්නය සම්බන්ධව. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වෙනස්වීම කෙසේද යන්න හඳුනාගැනීම සඳහා මිල සමීක්ෂණයක් සිදු කළ අතර ඒ සඳහා අහඹු ලෙස තෝරාගත් කොළඹ 2 ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල්, හාඩ්වෙයාර් වෙළඳසැල්, පොත් අලෙවිසැල් සහ මස් අලෙවි කරන වෙළඳසැල්වලින් සුපිරි වෙළඳසැල්වලින් මිල ලබාගන්නා ලදී. 0% සිට 18% දක්වා වැට් වැඩිවූ භාණ්ඩ – අර නිදහස තිබිලා නිදහස අහිමි කරපු භාණ්ඩ. ඔවුන් භාණ්ඩ කාණ්ඩ හතරක් අරගෙන තිබෙනවා. පොල්තෙල් ලීටරයක් දෙසැම්බර් 31 ට පෙර රුපියල් 600යි, දැනුත් රුපියල් 600 යි කියලා ඔවුන් කියනවා ඊයෙ දවසෙත්. පොල්කිරි ග්‍රෑම් 400 පැකට් එකක් කලිනුත් 310 යි, දැනුත් 310 යි කියලා ඔවුන් කියනවා. බිත්තර එකක් කලින් රු. 60 යි, දැන් රු. 51 යි ඔවුන් කියනවා. දුඹුරු සීනි කිලෝ එකක් කලින් රු. 365 යි, දැනුත් 365 යි කියලා කියනවා. ඒ වගේම 15% සිට 18% දක්වා වැඩි වූ භාණ්ඩ – ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රු. 1080 ට තමයි දෙසැම්බර් 31 වනදා වෙනකොට තිබුණේ දැනුත් 1080 යි කියනවා. ඒ වගේම සැමන් ග්‍රෑම් 425 ටින් එකක් රු. 600 ට තිබුණේ මේ වැට් බදු වැඩිවීමට පෙර, දැන් 450 යි. පිටු 120 අභ්‍යාස පොතක් කලින් තිබ්බේ 320 යි, දැන් 280 යි කියලා ඔවුන් මේ වාර්තාවේ කියනවා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...