අභිරහසක් ඉතිරි කර තායිනා ෆීල්ඩ්ස් සමුගනියි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පේරු ජාතික තායිනා ෆීල්ඩ්ස් පසුගියදා සිය නිවසේ දී අබිරහස් ලෙස මියගොස් සිටිය දී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිනා මිය යන විට 24 හැවිරිදි වියේ පසු විය.

විශේෂත්වය වන්නේ, ඇය මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය තුළ ඇය මුහුණ දුන් “ඉතා ප්‍රබල ” ලිංගික හිරිහැර පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමෙන් මාස අටකට පසුව වීමයි.

පසුගිය දා වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ යෙදී සිටියදී කාන්තාවක් ලෙස තමා මුහුණ දුන් අභියෝග සියල්ල ඇය විස්තර කර තිබුණි.

කෙසේ වෙතත් අබිරහස් ලෙස මියගිය ෆීල්ඩ්ස්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්භන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තායිනා ෆීල්ඩ්ස් පේරු හි සුප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට තරුවකි.

“චිනිතා” ලෙසින් හැඳින්වූ ඇය වැඩිහිටි සිනමා කර්මාන්තයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...