කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටලුව ගැන වාර්තාවක් කැදවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 14 කොළඹ (LNW): ඉදිරියේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක් සිදු කරන බව අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ අඛණ්ඩව ඇති වන ගැටුම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් කැදවීමට අධිකරණ අමාත්‍යවරයා පියවර ගෙන ඇත. අදාළ වාර්තාව දින දෙකක් තුළ අධිකරණ අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිත බව පැවසේ.

අධිකරණ අමාත්‍යවරයා පැවසූවේ, අදාළ වාර්තාව ද සලකා බලා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනස් කිරීම කඩිනමින් සිදු කරන බවත්, යලිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගැටුම් ඇති වීම වැලැක්වීම සදහා උපදෙස් ලබා දී ඇති බවයි.

මත් ද්‍රව්‍ය හා වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා රදවා සිටින වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර දිවා ආහාරය සම්බන්ධයෙන් වු ගැටළුවක් මුල් කර ගනිමින් පසුගිය 12 වැනිදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...