අයිස්ලන්තයත් ගිනියම් වෙයි!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග අයිස්ලන්ත නගරයක් වන Grindavik ආසන්නයේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Grindavik ගිනිකන්ද පුපුරා යාම පසුගිය සති කිහිපය තුළ ධීවර නගරයට සිදු වූ දෙවන ස්වාභාවික විපතයි.

ගිනිකන්ද පුපුරා යෑම තීව්‍ර වීමත් සමඟ Grindavik හි ඉතිරි පදිංචිකරුවන් ද ඉවත් කර ඇති බව බලධාරීහු පවසති.

පොළවෙහි ඇති ඉරිතැලීම් වලින් ලාවා පිටවන ආකාරය සහ දීප්තිමත් තැඹිලි පැහැති ලාවා ගලායාම අහසට උසට නැඟුනි. පිපිරුම ආරම්භ වූයේ Grindavik නගරයට උතුරින්ය.

“යටිතල පහසුකම් තර්ජනයට ලක්විය හැකි වුවද, කිසිදු ජීවිතයක් අනතුරේ නොමැති” බව අයිස්ලන්ත ජනාධිපතිවරයා පවසයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...